කිලිනොච්චියේ බෝම්බයක් පිපිර වූ පුද්ගලයාගේ, බිරිඳගෙන් රදවාගෙන ප්‍රශ්න කෙරේ (වීඩියෝ)
කිලිනොච්චිය - පලෙයි - අයියකච්චි ප්‍රදේශයේ නිවසකදී දේශීයව නිෂ්පාදනය කළ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් තුවාල ලබා දැනට අත්අඩංගුවට ගෙන රෝහල් ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයාගේ බිරිඳට ද රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.
එමෙන්ම, අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබන එම පුද්ගලයා ද ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.
කිලිනොච්චිය - පලෙයි - අයියකච්චි ප්‍රදේශයේ නිවසකදී දේශීයව නිෂ්පාදනය කළ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් මෙම පුද්ගලයා පසුගිය 3 වන දා තුවාල ලබා තිබුණා.
මූලික විමර්ශනවලදී අනාවරණ වූයේ අදාළ බෝම්බ කළුකොටි දිනයට සමගාමීව උතුරේ කිසියම් පිපිරීමක් සඳහා සැලසුම් කර තිබූ බවටයි.
එමෙන්ම, අදාළ පුද්ගලයා පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.
මීට අමතරව ඔහුගේ නිවස සෝදිසි කිරීමේදී එහි තිබී බෝම්බ දෙකක් සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම කළුකොටි සැමරුම්වලට යොදා ගන්නා බැනරයක් ද පොලීසිය සොයා ගත්තා.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට රැඳවුම් නියෝග ලබා සිටින ඔහුගේ බිරිඳ එම ප්‍රදේශයේම පාසලක ගුරුවරියක් ලෙස සේවය කර ඇති බව සඳහන්.
මේ අතර, මෙම සිදුවීමත් සමඟ අදාළ පිපිරීම සිදුවූ නිවස අවට ප්‍රදේශයේ යුද හමුදාව සහ පොලීසිය එක්ව ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් ද දියත් කර තිබෙනවා.