විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය කල් යයි
Monday, 06 July 2020 - 21:38 | Views - 619
මේ වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය නියත වශයෙන් ලබන වසර සඳහා කල් දමනු ඇති බව ඕස්ට්‍රේලියානු ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත අනාවරණ කළා.
ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය එළඹෙන සිකුරාදා පවත්වන රැස්වීමේදී එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි එමගින් සඳහන් කළේ.
එමෙන්ම, විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය කල් දැමීමත් සමග ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය මේ වසරේදීම පැවැත්වීමට අවස්ථාව සැලසෙන අතර, එය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හෝ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනු ඇති බවයි ඕස්ට්‍රේලියානු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළේ.
Share This Article