මහජනයා නොමැතිව කතරගම ඇසළ පෙරහර ජුලි 21 සිට අගෝස්තු 04 දක්වා
Monday, 06 July 2020 - 19:17 | Views - 654
රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන කාල සීමාව පූර්ණ වශයෙන් මහජනතාවට ආගමික කටයුතු සඳහා සහභාගීවීමට හෝ නැරඹීමට අවස්ථාව හිමිනොවන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
කෙසේ වෙතත් කොවිඩ් මර්ධනයට සහය වෙමින් සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශවලට අනුව ආගමික චාරිත්රයන්ට පමණක් මුල්තැන දෙමින් මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ අතර මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර වාර්ෂික ඇසළ මංගල්‍යය පැවැත්වෙන කාල සීමාව තුළ පූජා නගරය තුලට මනජනතාවට පැමිණීමට අවසර නොදීමට තීරණය කර ඇති බවයි මොණරාගල දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
Share This Article