කිලිනොච්චි පිපිරීම සිදුවූ පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයාගේ නිවසේ දර්ශන (ඡායාරූප)
Monday, 06 July 2020 - 19:09 | Views - 1,849
කිලිනොච්චියෙන් හමුවූ දේශීයව නිෂ්පාදනය කළ බෝම්බ, කළු කොටි දිනයට සමගාමීව උතුරේ කිසියම් පිපිරීමක් සිදුකිරීමේ සැලසුමක් සඳහා නිෂ්පාදනය කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.පොලීසිය සඳහන් කළේ, සිද්ධියට අදාළ විමර්ශන ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇති බවයි.කිලිනොච්චිය - පලෙයි - අයියකච්චි ප්‍රදේශයේ නිවසක දී දේශීයව නිෂ්පාදනය කළ බෝම්බයක් අත්හදා බැලීමට ගොස් පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු තුවාල ලබා තිබුණේ පසුගිය 3 වැනිදා.තුවාල ලැබූ පුද්ගලයා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අනුරාධපුර මහ රෝහල වෙත මාරු කර යවා තිබුණා.ටින් බඳුනක පුපුරණ ද්‍රව්‍ය අසුරා අදාළ බෝම්බය නිෂ්පාදනය කිරීමට යාමේදී මෙම පිපිරීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කළා.අදාළ නිවසේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී තවත් බෝම්බ දෙකක් සහ පුපුරණ ද්‍රව්‍ය මෙන්ම කළුකොටි සැමරුම්වලට යොදා ගන්නා බැනරයක් ඇතුලු තවත් උපකරණ කිහිපයක් පලෙයි පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.සිද්ධිය සම්බන්ධයෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ බිරිඳව අත්අඩංගුවට ගැනුණු අතර, ඇය එම ප්‍රදේශයේ පාසලක ගුරුවරියක් ලෙස සේවය කර ඇති බව ද පොලීසිය සඳහන් කළා.තුවාල ලැබු පුද්ගලයා මීට පෙර ද එල්.ටී.ටී.ඊ. හිතවාදී කටයුතුවල නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පලෙයි පොලීසිය අධිකරණයට කළ කරුණු දැක්වීමට අනුව අදාළ බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය රජයේ රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයෙන් පසු නිශ්ක්‍රිය කිරීමට නියමිතයි.
Share This Article