බෙන්තර ගඟට පැන පුද්ගලයෙකු සියදිවි හානිකරගනී
Monday, 06 July 2020 - 16:55 | Views - 744
මතුගම - හොරවල ප්රදේශයේදී බෙන්තර ගඟට පැන පුද්ගලයෙකු සිය දිවි හානි කරගෙන තිබෙනවා.
හොරවල සිට පාලම් පාරුවක් හරහා බෙන්තර ගඟ තරණය කරන අවස්ථාවේදී මෙම පුද්ගලයා ගඟට පැන අද දහවල් සිය දිවි හානි කරගෙන ඇති බව සඳහන්.
හොරවල ප්රදේශයේ පදිංචි ඔහු 43 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Share This Article