තණකොළ කපන්නාගේ අනියම් පෙමට රහ වැටි ගුරු සැමියාවත්, දරුවන් දෙදෙනාවත් අතහැර ගුරු බිරිඳ පොලිසියේදී ගත් අමුතුම තීරණය මෙන්න
Monday, 06 July 2020 - 14:57 | Views - 101,275
සිය විවාහක ගුරු සැමියා සහ දරු දෙදෙනා ළඟට යළි යනවා ද නැතහොත් අධිවේගී මාර්ගය දෙපස වල් කපන්නාත් සමඟ දීග කනවා ද යන්න පිළිබඳ විවාහක ගුරුවරියකගෙන් පොලිසිය අසා සිටි අවස්ථාවේදී ගුරු සැමියා සහ දරු දෙදෙනා අතහැර අධිවේගී මාර්ගයේ වල් කපන්නාත් සමඟ යනවා යැයි පවසා සිටි අපූරු උප ගුරුවරියක් පිළිබඳ පුවතක් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයෙන් ඉකුත්දා වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
 
කෑගල්ල ප්‍රදේශයේ අසල්වැසි ගම් දෙකක උප ගුරුවරයාත් ගුරුවරියත් ඉපදී පසුව විවාහ වී උප ගුරුවරිය සිය සැමියාගේ නිවෙසට කැන්දාගෙන ගියාය. පසුව ඔවුන් දෙදෙනා කෑගල්ල ප්‍රදේශයේ විද්‍යාල දෙකක සේවය කරමින් සිටියහ. මෙම ගුරු යුවළට දරුවන් දෙදෙනකි. වැඩිමල් ගැහැනු දරුවාට වයස අවුරුදු 14කි. පිරිමි දරුවට 11කි.
 
උප ගුරුවරිය මීට වසර දෙකහමාරකට පමණ ඉහතදී අන්තර්ජාලයෙන් දකුණු පළාතේ පදිංචි කොළඹ, මාතර අධිවේගී මාර්ගය දෙපස වල් කපන්නෙක් සමඟ අනියම් සම්බන්ධතාවක් ගොඩනඟා ගත්තේය. මෙම සම්බන්ධතාව පිළිබඳ කලක් ගත වෙද්දී උප ගුරුවරියගේ සැමියා වන ගුරුවරයාද මේ ගැන කනින් කොනින් දැන ගත්තේය.
 
පසුව ගුරුවරයා මේ සම්බන්ධයෙන් දිනක් බිරිය වන උප ගුරුවරියගෙන් විමසා ද සිටියේය. එහිදී ගුරුවරිය ප්‍රකාශ කර ඇත්තේ එවැනි සම්බන්ධතාවක් නොමැති බවත් නිකම් බොරු චෝදනා එල්ල නොකර සිටින ලෙසත් අවස්ථා කිහිපයකදීම සැමියාට දැන් වූවාය.
 
මෙසේ සිටියදී මීට මාස ගණනාවකට ඉහතදී උප ගුරුවරිය සිය සැමියාත් දරු දෙදෙනාත් අතහැර දමා කොළඹ මාතර අධිවේගය දෙපස වල් කපන්නාත් සමඟ පැන ගියාය. පැන ගොස් මාස හතරකට පමණ පසු කෑගල්ලේ පාසලක සේවය කරමින් සිටි උප ගුරුවරියගේ සේවය අධිවේගී මාර්ගයේ වල් කපන්නා විසින් දකුණු පළාතේ වල් කපන්නාගේ ග්‍රාමයට යාබද පාසලකට මාරුවක් ද සාදා දුන්නේය. පසුව ගුරුවරිය එම පාසලේ රැකියාවට ද ආව ගියාය. දිනක් උප ගුරුවරයා හා දරු දෙදෙනා නිවසේ නොසිටි අවස්ථාවක උප ගුරුවරිය දෙවැනි අනියම් සැමියා සමඟ වෑන් රථයකින් පැමිණ ඇය නිදා ගත්තා යැයි කියන ඇඳ ගලවාගෙන කොට්ට මෙට්ට බෙට්සීට් සියල්ලද රැගෙන යළි දකුණු පළාතේ පදිංචි අනියම් සැමියා ළඟට ගියාය.   පසුව උප ගුරුවරයා සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණි අංශයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. පැමිණිල්ලට අනුව පොලිසිය දෙපාර්ශ්වයම කැඳවීමට කටයුතු කෙරිණි.
 
පැමිණිලිකාර උප ගුරුවරයා වැඩිමල් දියණිය සමඟ පැමිණ තිබිණි. විත්තිකාර උප ගුරුවරිය අනියම් සැමියා යැයි කියන අධිවේගී මාර්ගයේ වල් කපන්නාත් සමඟ පැමිණියාය.
 
පසුව කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සේවය කරන නිලධාරිනිය දෙපාර්ශ්වය කැඳවීය. පැමිණිලිකාර උප ගුරුවරයා පළමුව කරුණු කාරණා පැහැදිලි කළේය. පසුව ඊට පිළිතුරු ලෙස විත්තිකාර උප ගුරුවරියත් පිළිතුරු දුන්නාය. පසුව පොලිසිය ගුරු යුවළ එකම වහලක් යටට ගැනීමට උත්සාහ කරන්නට විය. දෙදෙනාම යළි එකතු වීමේ වාසිය පිළිබඳ පොලිසිය දෙපාර්ශ්වයටම කරුණු කාරණා පැහැදිලි කර දුන්නේය. දරු දෙදෙනා ගැනවත් සිතා යළි විවාහක සැමියා ළඟට පැමිණෙන ලෙස පොලිසිය උප ගුරුවරියගෙන් කාරුණිකව බැගෑපත්ව ඉල්ලා සිටියේය. පොලිසිය පැහැදිලි කර දුන් කරුණු උප ගුරුවරිය ගානකටවත් අරගත්තේ නැත. ගුරුවරයාගේ දෙනෙත් දෙක රතුපැහැ ගැන් වී තිබිණි. ගුරුවරිය නියපොතු සපමින් සිටින්නීය. වල් කපන්නා හා දැරිය පසෙකට වී වෙනදේ පිළිබඳ බලා සිටියහ. පොලිසිය කොපමණ කරුණු කාරණා උප ගුරුවරියට පහදා දුන්නද ඈ නිශ්ශබ්දව සිටින්නීය. පසුව පොලිසිය උප ගුරුවරියගෙන් විමසා සිටියේ අවසානයට ගන්නා තීන්දුව කුමක් ද යන්නය. පසුව උප ගුරුවරිය පොලිසිය, සිය විවාහ උප ගුරුවරයා හා දියණිය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේ තමන් ගත්ත තීරණය වෙනස් නොකරන බවත් අධිවේගයේ වල් කපන්නාත් සමඟ යන බවත්ය. පසුව පැමිණිලිකාර උප ගුරුවරයා දියණිය සමඟ හිස් අතින් ආපසු නිවෙස බලාත් උප ගුරුවරිය අධිවේගයේ වල් කපන්නාත් සමඟ පොලිසියෙන් බැස ගිය අයුරු දක්නට ලැබිණි. පැය කිහිපයකට ආසන්න කාලයක් පොලිසිය පැමිණිල්ල සමථයකට පත් කරන්න කොපමණ උත්සාහ දැරුවද නිෂ්ඵල වූ බව පොලිසිය කියයි.
 
මව්බිම
දමුණුපොළ - චමින්ද ජයලත්
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 951 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,072 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top