කොරෝනා ආසාදිතයෙක් ළඟ සිටී නම් හඳුනා ගතහැකි, පැළඳගෙන යා හැකි අලුත්ම උපාංගය
Monday, 06 July 2020 - 11:00 | Views - 1,476
කොරෝනා වෛරසය අසාදනය වී ඇති පුද්ගලයින් අසල සිටී නම් හඳුනාගැනීමට උපකරණයක්(Device) සිංගප්පුරුවෙන් හඳුන්වාදී තිබෙනවා.

මෙම උපකරණය මගින් කෝවිඩ් 19 වෛරසය අසාදිත පුද්ගලයෙක් තමා අසල සිටි නම් ඒ බව තමන්ට දැනුම් දීමක් කරනු ඇති.

මෙහි බැටරිය එක් වරක් ආරෝපණය කළ විට මාස 9ක කාලයක් භාවිතා කළ හැකි බව එම උපකරණය නිපද වූ විද්‍යාඥයන් පවසනවා.

ස්මාර්ට් ෆෝන් නොමැති, කොරෝනා අවදානමට ලක්විය හැකි වැඩිහිටි පුද්ගලයින් සඳහා මෙම උපාංග මුලින්ම හඳුන්වා දෙනු ඇති.

මේ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකය මගින් කොරෝනා රෝගීන් හඳුනාගැනීමට නව දුරකථන මෘදුකාංගයක් හඳුන්වාදී තිබෙනවා.

මෙම මෘදුකාංගය ජංගම දුරකථනයට ඇතුලත් කරගත් පසු අසළ සිටින පුද්ගලයා කොරෝනා රෝගය ආසාදනය වී සුවය ලැබූවෙක්ද, නිරෝධායනය වන පුද්ගලයෙක්ද, නැතහොත් විදේශ රටක සිට පැමිණි අයෙකු ද යන්න සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට හැකියි.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූවෙකු ළඟ සිටීනම් දුරකථනයෙන් යම්කිසි නාදයක් නිකුත් වන බවයි.

මෙම මෘදුකාංගය ජාතික පර්යේෂණ සභාවේ සභාපති මහාචාර්ය හේමන්ත දොම්පොලගේ උපදෙස් හා එම ආයතනයේ පර්යේෂන ආධාර මත නිර්මාණය කර ඇති අතර, ඉදිරියේදී මෙම මෘදුකාංගය ජංගම දුරකථන භාවිත කරන්නන්ට නොමිලේ ලබාදීමට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Share This Article
Hiru Tv Blog
Monday, 10 August 2020 - 10:26
Hiru Tv Blog 322 Views
තෙල් සහ මේදය අපේ ශරීරයට අත්‍යවශ්‍ය ආහාර...
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 1,412 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
බොලිවුඩ් සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සිය සැමියා නික් සමඟ ව්‍යායාම සිදු කරන...
Hiru Tv Blog
තාරුකා “මවක්” වී මේ මොහොතේ හැඟීම් මොන වගේද ගලා යන්නේ?කලින් ගෙවූ සරල සැහැල්ලූ...
Hiru Tv Blog
ජීවිතයේ බලාපොරොත්තු නොවුණු දෙයක් වුණේ. තාත්තා කියන්නේ පොඩි කාලේ ඉඳන් මගේ ජීවිතයේ...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top