ටජ් මහල විවෘත කිරීම කල් දමයි
Monday, 06 July 2020 - 10:18 | Views - 431
අද සිට යලි විවෘත කිරීමට නියමිතව තිබූ ඉන්දියාවේ ලෝක ප්‍රකට ටජ්මහල කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන තවදුරටත් කල් දැමීමට තීරණය කර තිබෙනවා.
ප්‍රාන්ත රජය එය යළි විවෘත කරන දිනය නිශ්චිතව දැක්වීමකින් තොරව ඒ පිළිබඳ නව දැනුම්දීමක් සිදුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ටජ් මහල පිහිටි අග්‍රා නුවර ඉන්දියාවේ වැඩිම කොවිඞ් ආසාදිතයන් සිටින ප්‍රදේශයක් ලෙස සැළකෙනවා.
Share This Article