එජාපය ජනමතය ඉල්ලන්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලාගැනීමටයි
Monday, 06 July 2020 - 8:19 | Views - 449
සිරිකොත බේරා ගැනීමේ සටන එක්සත් ජාතික පක්ෂයට භාර දී රට සංවර්ධනය කිරීම සඳහා තමන් සමඟ අත්වැල් බැද ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදුකළේ හම්බන්තොට - සූරියවැව ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ රනිල් වික්‍රමසිංහ සිරිකොත රැකගැනීමටත්, සජිත් ප්‍රේමදාස සිරිකොත අල්ලාගැනීමටත් සටනක නිරතවන බවයි.
ඔවුන් ජනමතය ඉල්ලා සිටින්නේ ආණ්ඩු කිරීමට නොව සිරිකොත අල්ලා ගැනීමට බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
Share This Article