ක්‍රීඩාගාරයක් තම නිවහන කරගත් පවුලක් (වීඩියෝ)
Sunday, 05 July 2020 - 14:53 | Views - 772
ශ්‍රී ලංකාව ලෝක ජනාවාස දිනය සමරන්නේ දශක තුනක සිටයි.

නමුත් අදටත් තමන්ටම කියා හිසට සෙවණක් නොමැති අපේම මිනිසුන් කොතෙක් නම් සිටිනවාද ?

මේ ක්‍රීඩාගාරයක් තම නිවහන කරගත් පවුලක්.

ප්‍රේමලාල් වැල්ලවාය ප්‍රාදේශීය සභාවේ සෞඛ්‍ය කම්කරුවෙකු ලෙස සේවය කළ තිදරු පියෙක්.

2015 වසරේදී රැකියාව අහිමි වීමත් සමග සිය දරැ පවුල ජීවත් කරවීමට නොහැකිව අසරණව වූ ප්‍රේමලාල් ල සිය ජීවනෝපාය බවට පත් කරගන්නේ යතුරු
කැපීමයි.

ඔහු බදුල්ල, බිබිල, මහියංගනය, රඹුක්කන, මහව ආදී ප්‍රදේශවල යතුරු කැපීමේ රැකියාව සිදුකරමින් තම පවුල සමඟ තාවකාලික නවාතැන්පලවල්හි ජීවත්ව
තිබෙනවා.
 
පසුකාලීනව සිය දරුවන් තිදෙනා හා බිරිය සමග කැකිරාව ප්‍රදේශයට පැමිණි ප්‍රේමලාල්ට දිවි ගෙවීමට සිදුව ඇත්තේ කැකිරාව මහජන ක්‍රීඩාංගනයේ
ප්‍රේක්ෂකාගාරය සිය නිවහන කරගනිමින්.

ප්‍රේමලාල්ගේ බිරිද දරුවන් දෙදෙනෙකු සමග අනුරාධපුර, මරදන්කඩවල ආදී ප්‍රදේශවලට ගොස් සිඟමන් යැදීම සිදුකරන්නේ දරුවන්ගේ අධ්‍යාපන  කටයුතුවලට මෙන්ම පවුලේ නඩත්තුව සදහා යතුරු කැපීමෙන් ලබන ආදායම ප්‍රමාණවත් නොවීම නිසායි.

හිසට සෙවණක් නොමැතිකමින් මේ ක්‍රිඩාගාරයේ දිවිගෙවනල මේ දරුවන්ට ඇත්තේ සීමිත බලාපොරොත්තු කිහිපයක් පමණයි.

ප්‍රේමලාල්ගේ එකම සිහිනය, බොහෝ දෙනෙකුගේ අවශ්‍යතා වෙනුවෙන් දහස් ගණන් යතුරු අත අත දැරූ තම දෑතට තමන්ගේම නිවසක යතුරක් උරුම කර ගැනීමයි.
 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top