දිවයින පුරා වැටලීම් වලින් මත්ද්‍රව්‍ය සම්බන්ධ සැකකරුවන් 502ක් අත්අඩංගුවට
Sunday, 05 July 2020 - 10:45 | Views - 460
පසුගිය 3 වනදා රාත්‍රී 12 සිට ඊයේ මධ්‍යම රාත්‍රිය දක්වා පැය 24 ක කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 502 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී පොලිස් භාරයට ගැණුනු හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 170ක්.
එමෙන්ම, රිපීටර් වර්ගයේ ගිනි අවි 3ක්, පිස්තෝලයක් සහ කඩුවක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.
මීට අමතරව, නීතිවිරෝධී මත්පැන් සිද්ධීන් සම්බන්ධයෙන් ද සැකකරුවන් 517 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, වරෙන්තුකරුවන් 488 දෙනෙකු සහ වෙනත් වැරදි සම්බන්ධ සැකකරුවන් 838 දෙනෙකු එම කාලය තුළ අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Share This Article