මියන්මාරයේ ආකරයක නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළට
Saturday, 04 July 2020 - 14:09 | Views - 496
මියන්මාරයේ චීන දේශසීමාව ආසන්නයේ කචින් ප්‍රාන්තයේ මැණික් ආකරයක ඊයේ සිදුවූ නාය යාමෙන් මිය ගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියන්මාර ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මළ සිරුරු 162ක් ඉවත් කර ගනු ලැබූ අතර, දැඩි වර්ෂාපතනය හේතුවෙන් ජීවිතාරක්ෂක මෙහෙයුමට බාධා පවතින බවයි.
කඩා වැටුණු පතලේ රොන් මඩ අතර සිරවූ තවත් සිරුරු තිබිය හැකි බව විශ්වාස කෙරෙනවා.
ජේඞ් නැමති මැණික් වර්ගය ඇතුළු වටිනා පාෂාණ මෙම පතලෙන් කණිනු ලබන අතර, මියන්මාර මෝසම් සමයේ මෙවැනි අනතුරු විටින් විට අසන්නට ලැබෙනවා.
Share This Article