කිසිදු හේතුවක් මත මහජනතාව තමන්ට ඇති ඡන්ද අයිතිය අපතේ නොහැරිය යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (03) ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
කොරෝනා දෙවන රැල්ලක් ඇති වුවහොත් මැතිවරණය පැවැත්වීමට හැකිදැයි මාධ්‍යවේදීන් මෙහිදී සභාපතිවරයාගෙන් විමසීමක් ද කළා.