ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 11 ඉක්මවයි
Saturday, 04 July 2020 - 8:44 | Views - 303
ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට එක්කෝටි එකොලොස් ලක්ෂ 81,000 ඉක්වා ඇති අතර, මරණ සංඛ්‍යාව පන්ලක්ෂ 28,376ක්.

ඇමරිකා එක්සත් ජනපදයේ නව ආසාදිතයන් 55,000කට ආසන්න සංඛ්‍යාවක් ඊයේ දිනයේත් වාර්තා වූ අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව මේ වන විට විසි අට ලක්ෂ 90,588ක් ලෙසයි සටහන් වන්නේ.

ඇමරිකාවේ කොරෝනා මරණ එක්ලක්ෂ 32,000ක් ද වාර්තා වනවා.

ඊයේ තවත් ආසාදිතයින් 42,000ක් එක්වූ බ්‍රසීලයේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව පහලොස් ලක්ෂය ඉක්ම වන අතර, එරට මරණ සංඛ්‍යාව 63,254ක්.

රුසියාවෙන් ආසාදිතයන් හයලක්ෂ 67,000ක් සහ මරණ 9589ක් වාර්තා වන අතර සිව් වනුව වැඩිම පීඩාවට ලක්වූ රට වන ඉන්දියාවෙන් ආසාදිතයන් හය ලක්ෂ 50,000ක් සහ මරණ 18,669ක් වාර්තා වනවා.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ආසාදිත සංඛ්‍යාව මේ වන විට ලක්ෂය ඉක්මවා ඇති අතර එහි කොරෝනා මරණ 1385ක් ද සිදුව තිබෙනවා.   

මේ අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂ මයික් රයන්, ජිනිවා නුවර ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළේ කොරෝනා වෛරසය මර්දනය කිරීම සඳහා යථාර්ථය වටහා ගෙන ජනතාව සහ රජයන් අවදි විය යුතු බවයි.

වෛරසය පිළිබද දත්ත මෙන්ම එහි සැබෑ තත්ත්වය නිවැරදි ලෙස වටහා ගැනීම එහිදී වැදගත් වන බව ද ඔහු අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 899 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,013 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
රංගන ශිල්පිනියක් විදිහට ඔබ විලාසිතා ගැන දක්වන උනන්ඳු කොයි වගේද?රංගන ශිල්පිනියක්...
Hiru Tv Blog
ජනප්‍රිය නිළි තාරුකා වන්නිආරච්චි ගැන අලුත් ආරංචියක් තියෙනවා කියන්න. ඒ තමයි...
Hiru Tv Blog
හොලිවුඩ් සිනමාවේ සදා අමරණීය ක්‍රියාදාම නළුවකු වන ආනෝල්ඩ් ස්වාසනගර් අද (30) සිය...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top