හිරු ධර්ම ප්‍රදීපය අද ඓතිහාසික බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේදී
Saturday, 04 July 2020 - 8:09 | Views - 356
අදට යෙදෙන ඇසළ පුර පසලොස්වක පොහෝ දිනය නිමිත්තෙන් ඓතිහාසික බුද්ධංගල ආරණ්‍ය සේනාසනය කේන්ද්‍ර කර ගනිමින් හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන මේ වන විට ක්‍රියාත්මක වනවා.
උදෑසන 06.00 ට උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ සමාදන් කරමින් හිරු ධර්මප්‍රදීපය ආරම්භ වුණා. එම කටයුතු සහ ධර්මානුශාසනාව සිදු කළේ ඓතිහාසික බුද්ධංගල ආරාණ්‍ය සේනාසනාධිකාරි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමියන් විසින්.
උදෑසන 07.30ට පෝදා ධර්ම දේශනය සිදුකරන්නේ් පූජ්‍ය පිටිගල ධම්ම විනීත හිමියන් විසිනුයි.
මීට අමතරව, විශේෂ ධර්ම සාකච්ඡාවක්ද පෙරවරු 08.30 සිට 10.00 දක්වා පැවැත්වෙනවා.
ඒ රාජකීය පණ්ඩිත පූජ්‍ය වතුරුවිල සිරිසුජාත හිමියන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, ආචාර්ය මහින්ද හේරත් සහ වෛද්‍ය ආසිරි නිලංග යන අයගේ සහභාගිත්වයෙන්.
එසේම පෙරවරු 10 ට තවත් ධර්ම දේශනයක් පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන් විසින් සිදුකිරීමට නියමිතයි.
ඉන් අනතුරුව, යුගාසන කාව්‍යමය ධර්ම දේශනයක්ද පැවැත්වෙනවා.
ඒ කාව්‍ය විශාරද පූජ්‍ය මාම්පිටියේ සිරිසුමන හිමියන් සහ පූජ්‍ය මස්සැන්නේ විජිත හිමියන් විසින්.
අනතුරුව, දහවල් 12.30ට තවත් විශේෂ ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.
Share This Article