නාවලපිටිය - තලවකැලේ ප්රධාන මාර්ගයේ නාවලපිටිය මහ රෝහල ඉදිරිපිට ලොරි රථයක් අද (03) පස්වරුවේ ගිලා බැස ඇති බව නාවලපිටිය පොලීසිය පවසනවා.
නාවලපිටිය රෝහල ඉදිරිපිට වෙළඳසැලකට රැගෙන එන ලද තිරිඟු පිටි බාමින් සිටින අතරතුරයි ලොරි රථය එකවර මෙසේ ගිලා බැස තිබෙන්නේ.
පොලීසිය පවසන්නේ නාවලපිටිය නගරයට, ප්රධාන මාර්ගය යටින් පානිය ජලය රැගෙන යන ජල නලයක් එලා තිබු කොටසක් මෙසේ ගිලා බැස ඇති බවයි.
ලොරි රථයේ කොටසක් ගිලා බැසිමත් සමග ජල නලයටද හානි සිදු වී ජලය කාන්දු වීමත් සමඟ නාවලපිටිය නගරයට පානිය ජලය බෙදා හැරිමද නතර කර තිබෙනවා.
නාවලපිටිය ජල සම්පාදන මණ්ඩලය පවසන්නේ ගිලා බැස ඇති ලොරි රථය ඉවත් කිරිමෙන් අනතුරුව හානි සිදු වු ජල නලය අලුත්වැඩියා කිරිමේ කටයුතු ආරම්භ කරන බවයි.