පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ ආකාරයෙන් ලන්ඩනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට ගිය කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
Friday, 03 July 2020 - 20:52 | Views - 1,534
මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ආකාරයටම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ අයි.එස් හිතවාදී කාන්තාවක් ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමට ලන්ඩන් අධිකරණයක් අද නියෝග කළා.
36 හැවරදි ශෆියා ශයික් නැමති මෙම බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව පසු ගිය වසරේ පාස්කුවේදී ශ්‍රීලංකාවේ සංචාරයක නිරත වී ඇති අතර පාස්කු ඉරුදින මෙරට සිදු වූ ත්‍රස්ත ප්රාහාරයන්ගෙන් ලද අභාශයෙන් ලන්ඩන් නුවර ශාන්ත පාවලු දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අසළ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සැළසුම් කර තිබියදීයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ රහස් පොලිස් නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
බෝම්බ ප්‍රහාරය දියත්කිරීමට පෙර ඇය ලන්ඩන් නුවර ශාන්ත පාවුලු දේවස්ථානයේ නිරීක්ෂණයකට හිජාබයක් ඇඳ අනන්‍යතාවය හඳුනාගැනීමට නොහැකි වන අයුරින් පැමිණෙන අයුරු CCTV කැමරාවල සටහන් වී තිබුණා.
Share This Article