පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවූ ආකාරයෙන් ලන්ඩනයේ මරාගෙන මැරෙන ප්‍රහාරයක් සිදු කිරීමට ගිය කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්
Friday, 03 July 2020 - 20:52 | Views - 1,535
මෙරට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කළ ආකාරයටම බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර දේවස්ථානයක් ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට සැළසුම් කළ අයි.එස් හිතවාදී කාන්තාවක් ජීවිතාන්තය දක්වා බන්ධනාගාරගත කිරීමට ලන්ඩන් අධිකරණයක් අද නියෝග කළා.

36 හැවරදි ශෆියා ශයික් නැමති මෙම බ්‍රිතාන්‍යය ජාතික කාන්තාව පසු ගිය වසරේ පාස්කුවේදී ශ්‍රීලංකාවේ සංචාරයක නිරත වී ඇති අතර පාස්කු ඉරුදින මෙරට සිදු වූ ත්‍රස්ත ප්‍රාහාරයන්ගෙන් ලද අභාශයෙන් ලන්ඩන් නුවර ශාන්ත පාවලු දේවස්ථානයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අසළ පිහිටි ප්‍රසිද්ධ හෝටලයකදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකිරීමට සැළසුම් කර තිබියදීයි බ්‍රිතාන්‍ය බුද්ධි අංශ රහස් පොලිස් නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

බෝම්බ ප්‍රහාරය දියත්කිරීමට පෙර ඇය ලන්ඩන් නුවර ශාන්ත පාවුලු දේවස්ථානයේ නිරීක්ෂණයකට හිජාබයක් ඇඳ අනන්‍යතාවය හඳුනාගැනීමට නොහැකි වන අයුරින් පැමිණෙන අයුරු CCTV කැමරාවල සටහන් වී තිබුණා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top