ජින්තුපිටියේ නිරෝධායනයට යොමුකළ 154න් 50කට කොරෝනා ආසාදනය වී නැහැ
Friday, 03 July 2020 - 16:14 | Views - 751
කොටහේන - ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළ 154 දෙනාගෙන් 50 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර තිබෙනවා.
එම සියලූදෙනාගේ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත්තේ ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවයි.
කෙසේ වෙතත්, ඔවුන් තවදුරටත් සති දෙකක නිරෝධායන කාලයකට යටත් කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
එලෙස පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර කොරෝනා ආසාදිත නොවන බව තහවුරු වූ 50 දෙනා අතර ඉන්දියාවේ සිට පැමිණ කොරෝනා ආසාදිත බවට හඳුනා ගත් ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 10 දෙනෙකු ද වනවා.
Share This Article