බලධාරීන් නොබැලූ ඉරි තැලුණු නයිගල් ආර වැවේ බැම්ම
Friday, 03 July 2020 - 15:40 | Views - 305

අද රතු මිනිත්තුවේ අවධානය යොමුවන්නේ වැල්ලවාය ග්රාම නිලධාරී කොට්ඨාසයට අයත් තෙලුල්ල ජනපද ග්රමා නිලධාරී වසමේ නයිගල් ආර වැවේ බැම්මට අද අත්ව ඇති ඉරණම පිළිබඳවයි .
බැම්මේ සෑම ස්ථානයක්ම අඩි ගණනක් යටට ඉරිතලා විනාශ වී ඇති අතර එහි ස්ථාන කිහිපයකින් ජලය කාන්දුවීමද නිරන්තරයෙන් සිදුවන්නක්.
2016 වසරේ ලක්ෂ ගණනක් වැය කර වැව් බැම්ම ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කළද වසරක් ඉක්ම යාමටද මත්තෙන් එය විනාශයට පත්ව තිබෙන්නේ
ප්රමිතියෙන් තොර ඉදි කිරීම් හේතුවෙන්.
ගම්වැසියන් පවසන්නේ මෙවර මහ කන්නයේ වර්ෂාපතනය ආරම්භ වීමත් සමග වැව ජලයෙන් පිරී ගියහොත් බැම්ම නිසැක වශයෙන් කැඩී යාමේ දැඩි අවදානමක් පවතින බවයි.
එසේ වුවහොත් කුඩාඔය, මානෙල්ගල, නයිගල් ආර සහ යෞවන කුමාරපුර යන ගම්මාන මෙන්ම අක්කර ගණනක කුඹුරු සහ ගොඩ ඉඩම් විනාශවිය හැකි බව ගම්මුන් පවසනවා.
ගම්වැසියන් චෝදනා කරන්නේ අවස්ථා ගණනාවකදී බලධාරීන් දැනුවත් කළද ඔවුන් තාවකාලික පැලැස්තර යොදමින් ඊට විසඳුම් ලබාදීම පමණක් සිදුකළ බවයි.
මහජන මුදල් කාබාසිනියා කරමින් ඉදිවූ නයිගල්ආර වැව් බැම්ම නිසි ප්රමිතියෙන් යුතුව ඉදි කිරීමට බලධාරීන්ගේ දෑස් යොමුවනතෙක් රතු මිනිත්තුව අවධානයෙන්.
Share This Article