පිහියෙන් ඇන අමානුෂික ලෙස, තම සිඟිති දියණිය සදාකාලික නින්දකට යැවූ නරුම මවක් කළ පාපතර ක්‍රියාව
Friday, 03 July 2020 - 14:24 | Views - 749
"අම්මා කෙනෙකුට... එහෙම කරන්න පුළුවන්ද? ඇත්තටම... ආදරණීය අම්මා කෙනෙකුට... තමන්ගේ ලෙයින් උපන්න පුංචි කිරි කැටියෙකුට... ලස්සනම ලස්සන රෝස මලකට... එහෙම කරන්න පුළුවන්ද? හිතක් පපුවක් නැතුව ඝාතනය කරන්න පුළුවන්ද? ඒ පුංචි කෙල්ල-ගේ ශරීරය කැබලි කරන්න පුළුවන් ද ?"

මේ අනුවේදනීය පුවත අපිට වාර්තා වන්නේ දකුණු ලන්ඩනයෙන්. දකුණු ලන්ඩනයේ මිචාම් හි මහල් නිවාසක සිදු වූ මේ අවාසානාවන්ත සිදුවීමෙන් පස් හැවිරිදි පුංචි දැරියක් වූ.... සයාගි කරුණානන්දම් සදාකාලික නින්දකට යනවා..
 
ඇයට මේ සැහැසි ක්‍රියාව සිදුකරන්නේ ඇයව ජාතක කළ ඇගේ මව වන සුතා කරුණානන්දම් විසිනුයි. ඇය 35 හැවිරිදි කාන්තාවක්..
 
පසුගිය අඟහරුවාදා දිනයේදී අසල්වාසීන්ට එම නිවාසයෙන් කෑ ගැසීමක් ඇසුණු අතර මව "විශාල පාන් කපන පිහියක්" මේ සඳහා යොදාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
 
කොහොම වුණත් සිද්ධිය දුටු ප්‍රදේශවාසීන් මේ ගැන දැඩි කම්පනයට පත් වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ. රෝහල්ගත කළ නමුත්.. පුංචි දැරිය ඒ වෙනකොට මෙලොව හැර ගොස් තිබුණා.
 
මෙට්‍රොපොලිටන් පොලිසිය පැවසූයේ, මීට සම්බන්ධ සියලු පාර්ශව හඳුනාගෙන ඇති බවත් පරීක්ෂණ කඩිනමින් සිදු වන බවයි.
 
මෙම මව දියණිය ඝාතනයෙන් අනතුරුව දිවි හානි කරගැනීමට ද උත්සහ කර තිබෙනවා.
 
කෙසේ වෙතත්, අවට හිටපු පිරිස් (මෙතැන ලංකාවේ පවුලකුත් සිටියාලූ) මේ පිළිබඳව මෙසේ සඳහන් කර තිබුණා.
 
"ඇගේ උගුරෙත් කැපීමක් තිබුණා. අනේ දුප්පත් දරුවා! එය හරිම ස්වීට්... විශාල පාන් කපන පිහිය දැක්කේ මගේ සහෝදරිය.."
 
දිවි හානි කරගැනීමට උත්සහ කළ මවට පැය පහකට අධික කාලයක සැත්කමක් සිදු කර ඇති අතර ඇය යම් මානසික අවපීඩනයකින් පෙළෙන බවත්, සිද්ධියට පෙරදීත් යම් අසනීප තත්ත්වයිකින් පසුවන බව වාර්තා වනවා.
 
Dailymail ඇසුරිනි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top