අලිගැටපේරවලින් නිවෙසේදී කරගත හැකි සත්කාර කිහිපයක්
Friday, 03 July 2020 - 12:59 | Views - 2,982
සුන්දර පැහැපත් සමක් මෙන්ම නිරෝගීමත් කෙස් කලඹක් හිමි කරගැනීම උදෙසා අප විවිධ සත්කාර සිදුකරනු ලබනවා.

කෘත්‍රිම රසායනික  ද්‍රව්‍ය අඩංගු අහිතකර ආලේපන භාවිතයට වඩා ස්වාභාවික සත්කාර භාවිතය සෑමවිටම ගුණාත්මක බව ඔබ දන්නවා.

විටමින් රැසක් අඩංගු අලිගැටපේර ඔබේ සමේ කොලජන් වැඩි කර ඔබේ තරුණ බව සුරකිනවා. එසේම සමේ සහ කෙස් කලඹේ තෙතමනය වැඩි කිරීමටත් අලිගැටපේර ඔබට උපකාරි වෙනවා.

අලිගැටපේරවලින් නිවෙසේදී කරගත හැකි සත්කාර කිහිපයක් මෙම ලිපියෙන් කියවා බලමු.

අලිගැටපේර, කෝමාරිකා සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    අලිගැටපේර ගෙඩියක්

-    කෝමාරිකා මදයක්

-    ජලය කෝප්ප 2ක්

-    ලෙමන් යුෂ ස්වල්පයක්

අලිගැටපේර සහ කෝමාරිකා හොඳින් බ්ලෙන්ඩර් කරන්න. එම මිශ්‍රණයට ලෙමන් යුෂ, ජලය මිශ්‍ර කරන්න. සාදාගත් මිශ්‍රණය අයිස් ට්‍රේ එකකට දමා අයිස් කැට සාදාගන්න. දිනපතා නින්දට යෑමට පෙර අයිස් භාවිත කර මුහුණ සම්බාහනය කරන්න. විනාඩි 20ක් පමණ පමණ තබා සෝදා හරින්න.

අලිගැටපේර කෙසෙල් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-   අලිගැටපේර ගෙඩියක්

-   කෙසෙල් ගෙඩියක්

-   මී පැණි ස්වල්පයක්

අලිගැටපේර, කෙසෙල් සහ මී පැණි හොඳින් මිශ්‍ර කරන්න. මුහුණේ අලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න.

අලිගැටපේර යෝගට් සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    අලිගැටපේර ගෙඩියක්

-    ප්ලේන් යෝගට් ස්වල්පයක්

-   ලෙමන් යුෂ ස්වල්පයක්

-    රෝස වතුර ස්වල්පයක්

අලිගැටපේර, ප්ලේන් යෝගට්, ලෙමන් යුෂ, රෝස වතුර මේ සියල්ල හොඳින් මිශ්‍ර කර මිශ්‍රණයක් සාදාගන්න. මුහුණ හොඳින් පිරිසුදු කර සාදාගත් මිශ්‍රණය ආලේප කරන්න. විනාඩි 20ක් තබා සෝදා හරින්න.

පොල් තෙල් සහ අලිගැටපේර සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-   සුපිරිසුදු පොල්තෙල්

-    ප්ලේන් යෝගට් ස්වල්පයක්

-    අලිගැටපේර කැබැල්ලක්

-    ලෙමන් යුෂ ස්වල්පයක්

සියල්ල හොඳින් මිශ්‍ර කරන්න. මුහුණ හොඳින් පිරිසුදු කර මිශ්‍රණය මුහුණේ ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදා හරින්න.

කඩල පිටි සහ අලිගැටපේර සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    කඩල පිටි 10ඨ

-    යෝගට් 10ඨ

-    අලිගැටපේර ගෙඩියක්

කඩල පිටි, යෝගට් සහ අලිගැටපේර හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු පිරිසුදු කරගත් මුහුණ මත ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා සෝදාහරින්න.

වැල්මදට සහ අලිගැටපේර සත්කාරය

අවශ්‍ය ද්‍රව්‍ය

-    වැල්මදට කුඩු ස්වල්පයක්

-    ජලය ස්වල්පයක්

-    අලිගැටපේර කැබැල්ලක්

ප්‍රථමයෙන් අලිගැටපේර ජලය සමඟ මිශ්‍ර කර බ්ලෙන්ඩර් කරන්න. එයට වැල්මදට කුඩු මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි කිහිපයක් තබා සෝදා හරින්න.

සෙව්වන්දි හෙට්ටිආරච්චි
Share This Article
Hiru Tv Blog
ඔබ සුන්දරත්වය රැකගැනීමට කෙතරම් සත්කාර...
Hiru Tv Blog
Thursday, 23 July 2020 - 11:13
Hiru Tv Blog 954 Views
සුන්දර පැහැපත් සමක් ලබාගැනීම සඳහා ස්වාභාවික...
Hiru Tv Blog
අප කවුරුත් උත්සාහා ගන්නේ නීරෝගීව දිවි...
Hiru Tv Blog
ආඝාතය “Stroke” යනු මොළය තුළට නිසි රුධිර...
Hiru Tv Blog
Wednesday, 08 July 2020 - 9:49
Hiru Tv Blog 3,072 Views
උළුහාල් සත්කාරයඅවශ්‍ය ද්‍රව්‍ය-  ...
Hiru Tv Blog
දිනේෂ් ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශේෂාද්‍රි, ශනුද්‍රි අක්කලා නංගිලා තුන්දෙනා...
Hiru Tv Blog
අංජුලා රාජපක්ෂ කියලා කිව්වාම කාටත් මතක් වෙන්නේ දුෂ්ඨ කෙනෙකු ලෙසයි. ඒ ඇය එවැනි...
Hiru Tv Blog
සචිනි අයේන්ද්‍රා සිනමාවේ පුංචි තිරයේ නිරූපණයේ දස්කම් පාමින් ප්‍රේක්ෂකයින්...
Hiru Tv Blog
ඇසට සම්බන්ධ කළ කාචයක් මගින් විවිධ තොරතුරු විශේෂ තිරයක් නැතිව බලා ගන්නට පුළුවන්...
Hiru Tv Blog
රොබට් ඩවුනි ජූනියර් කාගේත් ආදරයට පාත්‍ර වූයේ ටෝනී ස්ටාර්ක් හෙවත් අයන් මෑන්ගේ...
Hiru Tv Blog
ඇමරිකාවේ Federal Trade Commission විසින් කල පරීක්ෂණයකට අනුව Youtube පරිශීලනය කරන දරුවන්ගේ දත්ත...
Top