මාතරම හඬවමින් නිල්වලා ගඟට වැටී කිඹුලා ඩැහැගෙන ගිය පොලිස් නිලධාරියාගේ සිරුර ගොඩගත් හැටි
Friday, 03 July 2020 - 12:15 | Views - 4,127

නිල්වලා ගඟට වැටී අතුරුදන් වූ පොලිස් නිලධාරිගේ සිරුර හමුවී තිබෙනවා.
ඒ මාතර නාදුගල පොම්පාගාරය ප්රදේශයේදීයි.
පසුගියදා ජංගම දුරකථනයක් ගඟට වැටීමත් සමඟ ඔහු එය ගොඩට ගැනීමට උත්සහ කිරීමේදී මෙම පොලිස් නිලධාරියා කිඹුලෙකු ඩැහැගෙන ගිය බවයි ප්රදේශවාසීන් ප්රකාශ කළේ.
මේ වනවිට තොරතුරු වර්තාවන්නේ එම ස්ථානයේ පැවති සාදයකදී ඔහුගේ මිතුරෙකුගේ ජංගම දුරකතනයක් ගඟට වැටී ඇති බවයි.
කෙසේ වෙතත් එම මිතුරා නිවසට ඇරලවා මියගිය පොලිස් නිලධාරියා යලි එම ස්ථානයට පැමිණ තිබෙනවා.
පසුව ගඟට වැටී තිබූ දුරකථනයේ ආලෝකයක් දැල්වීමත් සමඟ ඔහු එය දැක ගඟට බැස එය ගොඩ සිටි මිතුරෙකුට ලබා දී ඇති බවයි වාර්තාවන්නේ.
අනතුරුව ඔහු ගඟෙන් ගොඩට පැමිණීම සඳහා උත්සාහ කිරීමේදී යලිත් පය ලිස්සා ගඟට අදවැටීමත සමඟ එක්වරම පැමිණි කිඹුලා ඔහු ඩැහැගෙන ගොස් තිබෙනවා.
අනතුරුව අද දිනයේ ඔහු ගඟට වැටුණු ස්ථානයේ සිට මීටර් මීටර් 300 ක් දුරින් තිබියදී ඔහුගේ සිරුර හමුවී ඇතිබවයි වාර්තාවන්නේ.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය පොලිසියට අනුයුක්තව සේවය කළ නිලධාරියෙකු බවටයි තොරතුරු අනාවරණ වූයේ.
ඔහු එම ප්රදේශයේම පදිංචි දරුවන් සිව්දෙනෙකුගේ පියෙක් වන අතර මියයනවිට පහු 53 හැවිරිදි වියේ පසුව තිබෙනවා.
Share This Article