තරුණියකට අතවර කර සැඟව සිටී මෝටර් කාර්මිකයා අත්අඩංගුවට
Friday, 03 July 2020 - 11:56 | Views - 332
තරුණියකට අතවර කර වසරක් තිස්සේ සැඟවී සිටි 58 හැවිරිදි මෝටර්රථ කාර්මිකයෙකු පස්යාල ඇල්ලමුල්ල නිවසෙක සැඟව සිටියදී පෙරේදා (01) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2019 වසරේදී තරුණියකට බලහත්කාරයෙන් අතවර කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. පලාගිය සැකකරු වසරක් තිස්සේ මුතූර් ප්ර දේශයේ ගරාජයක් පවත්වා ගෙන ගොස් අතැයිද මූලික පොලිස් පරීක්ෂණවලින් හෙලිව තිබෙනවා.
මුතූර්හි සිටි සැකකරු, දින තුනකට පෙර පස්යාල ඇල්ලමුල්ල පෙදෙසට පැමිණි සිටින බවට ලැබුණු තොරතුර මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Share This Article