නවාතැන්පොලක මුවාවෙන් දික්කන්දේදී කතුන් විකුණලා
Friday, 03 July 2020 - 11:41 | Views - 654
මත්වත්හිරිපිටිය පොලිස් බල ප්රදේශයට අයත් දික්කන්දේදී 28හැවිරිදි තැනැත්තියක විසින් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් තිදෙනෙක් මල්වතුහිරිපිටිය පොලිසිය විසින් පෙරේදා (01) අත්අඩංගුවට ගනු ලැබුවා.
නවාතැන්පොලක මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බවත්, බුද්ධි අංශ නිළධාරීන් විසින් ලබාදුන් තොරතුරු මත පොලිස් උපාය දූතයෙකු යොදවා ස්ථානය වැටලු බවත් පොලිසිය පැවසීය.
කුරුණෑගල ප්රදේශයේ පදිංචි 28හැවිරිදි තැනැත්තියක් කළමනාකාරවරිය ලෙස පෙනී සිටිමින් මෙම ස්ථානය පවත්වගෙන ගොස් ඇති අතර මෙහි ගණිකා වෘත්තියෙහි යෙදී ඇති කාන්තාවන් දෙදෙනා
පොළොන්නරුව සහ කැලණිය ප්රදේශයේ පදිංචි 35 සහ 36 වියෙහි පසුවන්නියන් වන බවත් පොලිසිය සදහන් කළා.
මොවුන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ගෙන් කාමරයක ගාස්තුව ලෙස රුපියල් දහසක් සහ කාන්තාවක් සඳහා රුපියල් 2000ක මුදලක් අයකිරීම සිදු කර ඇති බවද අනාවරණය වනවා.
Share This Article