කොරෝනා කාලේ දරුවන් 927කට දසවදදීලා
Friday, 03 July 2020 - 11:28 | Views - 1,428
කොරෝනා කාලයේ දී (මාර්තු 16 සිට ජුනි 16 දක්වා) දරුවන් 927දෙනෙකු කෘෘර වදහිංසාවලට ලක්වි ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදාණපතිරණ පවසා තිබෙනවා.
දරුවන් කායික හා මානසික වශයෙන් වදහිංසාවලට ලක්කිරීම් මේ කාල සීමාවේ දී සියයට හතළිහක් පමණ වැඩිවී ඇති අතර පුද්ගල ආතතිය ඉහළයෑම හේතුවෙන් ගෘහස්ථ හිංසනය වැඩීවීම මෙයට ප්‍රධාන හේතුවයි.
එසේම ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 3500ක් පමණ ලැබුණු බවද මහාචාර්යවරයා කියාසිටියා.
සමස්තයක් වශයෙන් ගත් කළ ඒ කාල සීමාවේදී අනෙකුත් කාලයන්ට සාපේක්ෂව දරුවන් අපයෝජනයට ලක්කිරීම් පිළිබඳ පැමිණිලිවලට සියයට 75ක පමණ අඩුවීමක් දක්නට ලැබුණද, දරුවන් අතවරවලට ලක්කිරීම් හා ළමා ශ්‍රමිකත්වය පිළිබද පැමිණිලිවලද සැලකිය යුතු පහත බැසීමක් කොරෝනා කාලයේදී පෙනෙන්ට තිබුණු බවද ඔහු සඳහන් කළා.
දරුවන් අතවරවලට ලක්වීම ඒ කාල සීමාවේදී අඩුවන්නට ඇත්තේ බොහෝ දෙනෙකුගේ සිත් කොරෝනාවත් සමඟ වෙනත් මානයකට යොමුවී ඇති නිසා යැයිද ඔහු සඳහන් කර තිබෙනවා.
Share This Article