දැරියක දූෂණය කළ සිව් දරු පියෙක් වසර 30ක් සිරගෙට
Friday, 03 July 2020 - 10:37 | Views - 445
වයස අවුරුදු 16ක බාලවයස්කාර දැරියක වරින් වර දූෂණය කළ බවට වරදකරු වූ සිව් දරු පියෙකුට වසර 30ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර තිබේ.

අනුරාධපුර අංක 2 මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම තීන්දුව ලබා දුන්නේ, වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක අපයෝජනය කළ බවට ගොනු කර තිබූ අධිචෝදනා පත්‍ර පහට ම වරද පිළිගත් පුද්ගලයෙකුට එරෙහිවය.

මෙහිදී අධිචෝදනා 4කට වසර 7 බැගින් ද, අනෙක් අධිචෝදනාවට වසර දෙකක් ද වශයෙන් වසර 30ක සිර දඬුවම් නියම කෙරිණි.

ඊට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙස ද නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කරන බවට ද විනිසුරුවරයා නියෝග කළේය.

මෙලෙස දඬුවම් නියම වූයේ, නොච්චියාගම, පහළවැටියාවේ පදිංචි 48 හැවිරිදි සිව් දරු පියෙකුටය.

ආනන්ද කරුණාදාස - මව්බිම අනුරාධපුර වාර්තාකරු
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top