ගබ්සාවක් නිසා හොර වෛද්‍යවරයෙකු මාට්ටුවෙයි
Friday, 03 July 2020 - 10:19 | Views - 470
ව්‍යාජ වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටිමින් වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයකු බිබිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා එක්ව බිබිල පොලිසියේ නිලධාරීහු අත්අඩංගුවට ගැනීමට සමත් වූහ.
 
 අත්අඩංගුවට ගත් වෛද්‍ය උපකරණ සමග සැකකරු බිබිල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනා ගැනීමේ පෙරට්ටුවට යොමු කරන ලෙසත්, එතෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් විනිසුරු බුවනෙක රාජකරුණා මහතා නියම කළේය.
 
 මෙලෙස අත්අඩංගුවට පත් වූයේ බිබිල කණුල්වෙල, ඉකිරියම්පොළලන්ද හමීඞ් මොහොමඞ් සිද්ධික් හෙවත් ‘‘වන්ෂොට්’’ නමැති 68 වියැති දෙදරු පියෙකි.
 
 බිබිල රෝහලට නේවාසික වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීමට පැමිණි දෙදරු මවක්, තම ප‍්‍රදේශයේ වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබාගත් බවත්, ඉන්පසු අධිකව ඔසප් සිදුවන බවත් පැවසීමෙන් පසු රෝහල් වෛද්‍ය අධිකාරි හර්ෂ දසනායක මහතාට සැක සිතී ඒ පිළිබඳ පොලිසියට දැනුම් දුන් බව පොලිසිය පැවසුවේය. ඉන්පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බණ්ඩාර මහතා හා පොලිසිය විමර්ශන සිදුකර අධිකරණ නියෝගයක් ලබා සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවේය.
 
 සැකකරු පවත්වාගෙන ගිය වෛද්‍ය මධ්‍යස්ථානය තුළදී ප‍්‍රතිකාර ලබාගැනීමට ගිය කාන්තාවට ගබ්සාවක් සිදු කර ඇතැයි පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
 
 පුද්ගලයකුගේ පාදයක තුවාල සඳහා ප‍්‍රතිකාර කොට එය බරපතළ වී මොහුට විරුද්ධව බිබිල පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවත්, මොහු බදුල්ල ප‍්‍රදේශයේ අයකු බවත්, අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබා පෞද්ගලික උපකාරක පංති ඉංග්‍රීසි ගුරුවරයකු ලෙසත්, ව්‍යාපාරිකයකු ලෙසත්, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක සේවය කර එයින් ලැබූ පළපුරුද්ද මතින් මෙලෙස වෛද්‍ය ප‍්‍රතිකාර කර ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
 
 මොනරාගල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරි එස්. පී. කේ. ගාල්ලගේ, බිබිල පොලිස් ස්ථානාධිපති එස්. පී. සී. එස් කේ. සෙනරත් යන අයගේ උපදෙස් මත උ. පො. ප. සමරසිංහ, ළමා හා කාන්තා කාර්යාංශයේ කා. පො. සැ. සුධර්මා (5359) යන නිලධාරීහු වැටලීම සිදු කළහ.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top