මහේල හදිසියේම ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැමිණෙයි
Friday, 03 July 2020 - 9:40 | Views - 424
අද නොපැමිණෙන ලෙස දැනුම් දී තිබුනද හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට පැමිණ තිබෙනවා.
2011 ලෝක කුසලාන අවසන් තරගයේදී පාවාදීමක් සිදුවු බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කළ චෝදනාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රිඩක මහේල ජයවර්ධන ක්‍රී‍්‍රඩා වැරදි සම්බන්ධ විමර්ශනය ඒකකයට අද පෙරවරු 9 ට පැමිණීමට නියමිත තිබුණත් ඔහුට වෙනත් දිනයක් ලබාදී ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
කෙසේ වෙතත් මේ වනවිට හිටපු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන එහි පැමිණ ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
එම ඒකකය ඊයේ දිනයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාරගෙන් පැය 09 ක ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තා.
ඊට පෙර දින දෙකෙහි මේ සම්බන්ධයෙන් එවකට ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වාගෙන් සහ ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංගගෙන්ද ප්‍රකාශ ලබාගෙන තිබුණා.
ඊට අමතරව මෙම චෝදනාව එල්ල කළ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ගෙන්ද ක්‍රීඩා වැරදි සම්බන්ධ විමර්ශන ඒකකය ප්‍රකාශයක් ලබාගත්තා.
Share This Article