බහින්බස්වීම දුරදිග යාමෙන් සැමියාගේ පහරදීමෙන් බිරිඳ මරුට
Friday, 03 July 2020 - 9:32 | Views - 676
පන්නල ඉහළ හුන්දිරාපොල වෙල්පල්ල ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් ඊයේ (02) සැමියා විසින් සිදුකළ පහරදීමකින් බිරිඳ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මුතුනායක පේලිගේ ෂෙහානි ජයන්තිකා සල්මාලි නැමති 28 හැවිරිදි ගැහැණු දරුවන් තිදෙනෙකුගේ මවක් වන අතර 35 හැවිරිදි සැකකාර සැමියා සති දෙකකට පෙර රක්ෂිත බණ්ධනාගාරගතව සිට ඇප මත පැමිණ සිටි අයෙක් බව පොලිසිය පැවසීය.   

ඝාතනයට ලක්ව ඇති කාන්තාව සැමියා සමඟ වාසය කිරීමට නොහැකි බව පවසා දරුවන් තිදෙනා සමඟ වෙන්නප්පුව සිරිගම්පොල ප්‍රදේශයේ ඇයගේ මවගේ නිවසේ වාසය කර ඇති බව පොලිසිය කීය.

ඝාතනයට ලක්වූ කාන්තාව එම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය අසල රැඳී සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි සැකකාර සැමියා ඇය නිවස වෙත කැඳවාගෙන ගොස් ඇති බවත් එහිදී ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යෑමෙන් නිවස ඉදිරිපිටදී පහරදී ඝාතනය කර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් පොලිසිය පැවසීය.

ඝාතනය සිදුකර ප්‍රදේශයෙන් පලාගිය සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top