ගමට පාරක් නැතුව වාරිමාර්ගයේ යන බත්ගම්පත්තුවේ වැසියන්ගේ කඳුළු කතාව
Thursday, 02 July 2020 - 14:32 | Views - 347
ගුවන් මාර්ග, භූගත මාර්ග ඉදිවන දියුණු ලෝකයක නිවසට යාමට වාරි ඇළක්, මාර්ගයක් කරගත් පිරිසක් පිළිබඳව මින්නේරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.
මින්නේරිය - පුරාණ දේවාලය අසළින් වැටී ඇති මෙම ඇළ මාර්ගය කිලෝ මීටරයක් පමණ දුරට වෙල් යාය මැදින් බත්ගම්පත්තුව ගම්මානය දෙසට දිවයනවා.
මෙම ඇළ මාර්ගයම ප්‍රදේශයේ නිවාස කිහිපයකට යාමට ඇති ගමන් මාර්ගය වීමද විශේෂත්වයක්.
නිවැසියන් පෙන්වා දෙන්නේ වසර 40ක පමණ කාලයක සිට තමන්ට ප්‍රධාන මාර්ගයට පැමිණීමට සිදුව ඇත්තේ මෙම ඇළ මාර්ගය මතින් බවයි.
ස්ථිර ගොඩ මාර්ගයක් සකස්කර ගැනිමට මොවුන්ට අවශ්‍ය වුවත් ඇළ මාර්ගය දෙපස සින්නක්කර ඉඩම් අයිතිකරුවන්ගේ සහයක් ඊට නොලැබෙන බව ඔවුන් පවසනවා.
ඒ හේතුවෙන් බොහෝ දෙනෙක් තම නිවාස අතහැර වෙනත් ප්‍ර දේශ වෙත ගොස් තිබෙනවා.
බලධාරීන්ට කොතෙකුත් දැනුම්දුන්නද මේ සම්බන්ධව අවධානය යොමු නොවුණු බවට පවසන නිවැසියන් ඉල්ලා සිටින්නේ ස්ථිර මාර්ගයක් සකස්කර දෙන ලෙසයි.
Share This Article