'ලෝකයේ විශාලම කබල්ලෑවා' ශ්‍රී ලංකාවෙන් සොයා ගැනේ
Thursday, 02 July 2020 - 11:43 | Views - 1,513
සිංහල හෝඩි පොත කියවන විට ''ඈ'' යන්නෙන් දී ඇති වචනය 'ඈයා' බව ඔබේ මතකයේ ඇතැයි මම සිතමි. ඈයා හෙවත් කබල්ලෑවා යනුවෙන් හඳුන්වනු ලබන්නේ එකම සත්ත්වයෙකි. කබල්ලෑවාගේ නම අසා තිබුණ ද එම සත්ත්වයා සියැසින් දුටු අය ඉතා විරලය. රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත සත්ත්වයෙකු නිසා බොහෝ දෙනෙකුට කබල්ලෑවා දැකීමට අවස්ථාව හිමි නොවේ.

මෙම සත්ත්වයා පිළිබඳ ගෝලීය වශයෙන් ද දැඩි අවධානයක් යොමුව තිබේ. ඊට හේතුව වී තිබෙන්නේ ලෝකයේ නීතිවිරෝධී වෙළෙඳාමට වඩාත්ම ලක්වන ක්ෂීරපායි සත්ත්වයා කබල්ලෑවා වීම නිසාය.

ලොව පුරා කබල්ලෑවන් විශේෂ අටක් සිටින අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ 'ඉන්දියානු කබල්ලෑවා' [Indian Pangolin] නමැති විශේෂය බව සත්ත්ව විද්‍යාඥයෝ පවසති. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පාරිසරික විද්‍යා අධ්‍යන අංශයේ ආචාර්ය ප්‍රියාන් පෙරේරාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ කබල්ලෑවන් පිළිබඳව වසර පහක් පුරා විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර තිබේ. එම අධ්‍යයනයේ ප්‍රතිඵල මේ වන විට විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා කිහිපයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති අතර තවත් පර්යේෂණ පත්‍රිකාවක් මේ දිනවල සුදානම් කරමින් පවතී.

මන්නාරමෙන් හමුවූ ලොකුම කබල්ලෑවා

''ලෝකයේ විශාලම කබල්ලෑවන් වෙන්නේ අප්‍රිකාවේ ජීවත්වන යෝධ කබල්ලෑවා [Gaint Pangolin]. එම විශේෂයේ දැනට වාර්තාවෙලා තියෙන උපරිම දේහ බර සහ විශාලත්වයට වඩා වැඩි සත්ත්වයෙක් අපිට ශ්‍රී ලංකාවෙන් හමුවුණා. මන්නාරමෙන් හමුවූ මේ සත්ත්වයා ගැන පළමු වරට පර්යේෂණ කණ්ඩායම විදියට අපි මාධ්‍යයකට කියන්නේ බීබීසී සිංහල සේවයට. තව සති කිහිපයකින් ඒ තොරතුරු විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවක් හරහා ඡායාරූප සහිතව නිල වශයෙන් ලෝකයට හෙළිදරවු කරනවා'' යනුවෙන් ආචාර්ය ප්‍රියාන් පෙරේරා ප්‍රකාශ කළේය."ලෝකයේ විශාලතම කබල්ලෑවා" ශ්‍රී ලංකාවෙන් සොයා ගත්ත ද එම සත්ත්වයා මේ ලිපිය ලියන මොහොත වන විට කිසිවෙකුටත් සජීවීව දක්නට හැකියාවක් නැත. ඊට හේතුව ලෝකයේ විශාලතම කබල්ලෑවා බවට වාර්තා පොත් වලට එකතුවීමට නියමිත ශ්‍රී ලංකාවේ කබල්ලෑවා දැනටමත් දඩයක්කරුවෙකුගේ ගොදුරක් බවට පත්ව ඇති බැවිනි.

දැනට වාර්තා වී ඇති විද්‍යාත්මක තොරතුරුවලට අනුව ලෝකයේ විශාලතම ඉන්දියානු කබල්ලෑවාගේ බර කිලෝග්‍රෑම් 32.2 කි. අප්‍රිකානු යෝධ කබල්ලෑවෙකු කිලෝග්‍රෑම් 33-36 අතර බරකින් යුක්ත වේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top