ඩයනා කුමරිය අලුත්වෙයි
Thursday, 02 July 2020 - 11:37 | Views - 704
බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය පිළිබඳව නිෂ්පාදනය කිරීමට නියමිත නවතම හොලිවුඩ් චිත්‍රපටයක ප්‍රධාන චරිතයට හොලිවුඩ් නිළි ක්‍රිස්ටින් ස්ටුවර්ට් තෝරාගෙන ඇත.
‘ස්පෙන්සර් ‘ ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයට පාදක වන්නේ ඩයනා කුමරියගේ විවාහය සහ එය බිඳ වැටීම යැයි විදෙස් වාර්තාවල සඳහන් වෙයි.
ඩයනා කුමරියගේ චරිතය ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වීම තම ජීවිතයේ ලැබූ භාග්‍යක් බවට ක්‍රිස්ටින් මාධ්‍ය හමුවේ පවසා ඇත.
30 හැවිරිදි ක්‍රිස්ටියන් 2000 වසරේ සිට සිනමා නිර්මාණවලට දායක වූ අයෙකි.ළමා නිළියක ලෙස ජනප්‍රිය වූ ක්‍රිස්ටින් රසික හදවත් දිනා ගත්තේ 2008, 2009 සහ 2010 වසරවල තිරගත වුණු 'ට්වයිලයිට්' සිනමා ත්‍රිත්වයේ ඒඩ්වඩ් කලන් නමැති වැම්පයර් පෙම්වතාට පෙම් බැඳි බෙලා ලෙසය.
Share This Article