උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
Thursday, 02 July 2020 - 10:26 | Views - 349
අඩාල වී තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ඒ අනුව, මේ වනවිට සාමාන්‍ය පරිදි එහි දුම්රිය ගමනාගමන කටයුතු සිදුවන බවයි දුම්රිය නියෝජ්‍ය ගමනාගමන අධිකාරි ඩබ්ලිව්.ඩී.ආර්. පද්මලාල් සඳහන් කළේ.
හැටන් හා රොසැල්ල සහ අඹේවෙල හා පට්ටිපොල දුම්රිය ස්ථාන අතරදී භාණ්ඩ දුම්රිය දෙකක් ඊයේ පීලිපැනීමට ලක්වීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු අඩාලව පැවතියා.
Share This Article