ලෝකෙම ලංකාවේ ක්‍රිකට් ගැන කතාවෙද්දී සුපිරි ක්‍රීඩක මුරලිගෙන් අමුතු හෙළිදරව්වක්
Thursday, 02 July 2020 - 10:19 | Views - 218

තමන් දේශපාලනයට පිවිසීමට අකමැති වීම හේතුවෙන් තම සහෝදරයා දේශපාලනයට යොමුකළ බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුරලිදරන් පැවසුවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ යටතේ තරඟ කරන ඔහු සහොදරයා වන මුත්තයියා ප්රභාකරන්ගේ මස්කෙලිය ප්‍රදේශයේ පැවති මැතිවරණ ප්රචාරක රැස්විමකට එක් වෙමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මුරලිදරන් පැවසුවේ ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙලෙස ඔහු තම සහෝදරයා දේශපාලනයට යොමුකළ බවයි.
"මම ඇත්තටම දේශපාලනයට කැමති නෑ, අපේ පවුලේ කවුරුත් හිතුවේ මගේ සහෝදරයා දේශපාලනයට එයි කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වෙන්න කලින් මට ඉල්ලිමක් කරා වියත් මගට ඇවිල්ලා මට වැඩ කරන්න පුළුවන් කියලා. මම ඒක හරි සන්තොසෙන් පිලි ගත්තා. ගෝඨාභය රාජපක්ෂ වැඩ කරන නායකයෙක් , වැඩ කරන්න පුළුවන් නායකයෙක් , එ නිසා මම ජනතාව අතර ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවන්න කටයුතු කලා. ඊට පස්සේ මැතිවරණය ඉවර වෙලා ජනාධිපතිවරයා මට කතා කරලා තියෙනවා , මුරලි ඔයාට හොදට වැඩ කරන්න පුළුවන් ඒ නිසා උතුරේ ආණ්ඩුකාර ධුරය ගන්න කියලා. මම එතුමාට කිව්වා සර් මට ඇත්තටම දේශපාලනය තේරෙන්නේ නෑ , මම ක්‍රිඩකයෙක්,මම මිනිස්සුන්ට උදව් කරන්න තමයි කැමති. ඒ නිසා මම දේශාපලනය කරන්න කැමති නැ මාත් එක්ක තරහා වෙන්න එපා කියලා. එතුමා ඊට පස්සේ හිනාවෙලා කිව්වා කමක් නැ එහෙනම් මම වෙන පුද්ගලයෙක් දාන්නම් කියලා.
මාස දෙකකට පස්සේ ආයෙත් කතා කරලා කිව්වා මට උදව්වක් වශයෙන් මේ පාර මැතිවරණයට තරඟ කරන්න කියලා. මම කිව්වා සර් මම කොහොමත් දේශපාලනයට කැමති නැ කියලා. ඊට පස්සේ සර් කිව්වා ඔයාලා වගේ කට්ටය මාත් එක්ක වැඩ කරේ නැත්තම් මේ රට ගොඩ ගන්න බෑ කියලා. මම කිව්වා එහෙනම් සර් මම මගේ බාල සහොදරයා ඉදිරිපත් කරන්නම්, එයා දක්ෂයි , මම එයාගේ පිටිපස්සෙන් ඉදන් උදව් කරන්නම් කියලා. ඒ නිසා තමයි මගේ මල්ලි දේශපාලනය ඇවිල්ලා තියෙන්නේ , අපිට දේශපාලනය එන්න උවමනාවක් නෑ. සල්ලි තියෙනවා , කොම්පැනිස් තියෙනවා, ඕන රටට පිලිගන්න නමක් හදාගෙන තියෙනවා. ගොඩාක් අය දේශපාලනයට එන්නේ නම හදා ගන්නත් , සල්ලි හම්බ කරන්නත්. අපිට එ දෙකම අවශ්‍යය නැ , අපිට ඕනි ජනතාවට සේවය කරන්න කොහොම හරි."
Share This Article