කොරෝනා අඟුලූ ලිහිල් කර ගණිකා නිවාස ද විවෘත කරලා
Thursday, 02 July 2020 - 9:11 | Views - 4,181
කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ඉකුත් මාර්තු මාසයේ සිට අගුලූ දමා තිබූ ඔස්ටි්රයාව හා නෙදර්ලන්තය එම අගුලූ දැමීම ලිහිල් කිරීමත් සමගම ඊයේ (01දා) සිට ගණිකා නිවාසද විවෘත කරන බව නිවේදනය කර තිබේ. අදාළ රටවල් තවමත් කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන්ම මිදී නොමැති වාතාවරණයක් තුළ මෙසේ වසංගතයක් පැතිර යෑමේ අවදානමක් ඇති ගණිකා නිවාස විවෘත කරන බවට නිවේදනය කිරීම මතභේදයට තුඩු දී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙසේ වුවද බංග්ලාදේශය හා ඉන්දියාව ඇතුළු දකුණු ආසියාතික රටවල මෙවැනි ස්ථාන කොරෝනා ආසාදිත පොකුරු බිහි වීමේ අවදානම හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
Share This Article