ලොව විශාලතම මත්පෙති තොගය ඉතාලියෙන් හමුවෙයි
Thursday, 02 July 2020 - 8:52 | Views - 882
ලොව මෙතෙක් සිදුකරනු ලැබූ විශාලතම මත්ද්‍රව්‍ය වැටලීම ඉතාලියෙන් වාර්තාවනවා.
එරට පොලීසිය මෙටි්රක් ටොන් 14 ක මත්පෙති සලේනෝ වරායේ කන්ටේනර් තුනක අසුරා තිබියදී සොයාගනු ලැබූ අතර, කාඩ් බෝඩ්වලින් සකසන ලද සිලින්ඩරාකාර බහලුම් තුළ මත්පෙති මිලියන 84 ක් අසුරා තිබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
සිරියාවේ ක්‍රියාත්මක අයි.එස්. ත්රස්තයන් විසින් මේවා ඉතාලියට එවා ඇති බවට එරට පොලීසිය සැක කරන අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 1.2 ක්.
Share This Article