වරාය සේවකයන් තුන්දෙනා තවමත් දොඹකරය මත විරෝධතාවයේ
Thursday, 02 July 2020 - 8:45 | Views - 560
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ සවි කිරීම සඳහා චීනයෙන් ගෙන්වූ ග්රැන්ටි දොඹකර, කඩිනමින් එහි ස්ථාපිත කරන ලෙස ඉල්ලා වරාය වෘත්තීය සමිති නායකයින් තුන්දෙනෙකු අඩි 187 කින් යුත් එම දොඹකරයක නැගී ඊයේ ආරම්භ කළ විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි.
ඊයේ දහවල් 12 ට ඔවුන් එම දොඹකරයට නැගි අතර මෙම ගැටළුවට විසඳුම් ලබාදීමට රජයට පැය 24 ක කාලයක් ද ලබා දුන්නා.
එසේ නොවුනහොත් මාරාන්තික උපවාසයක් දක්වා එය ක්‍රියාත්මක කරන බවයි වරාය වෘත්තිය සමිති ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, වරාය අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක සහ අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ වරාය වෘත්තිය සමිති පැය තුනකට ආසන්න කාලයක් ඊයේ පස්වරුවේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා.
එම සාකච්ඡා අසාර්ථක වූ බවයි කොළඹ වරායේ වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලි සේවක සංගමය සඳහන් කළේ.
කෙසේ වෙතත් අද උදෑසන 10 ටද තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Share This Article