සෞන්දර්ය විෂය අධ්‍යයනය සාමාන්‍ය පෙළ දක්වා ඉගැන්වීමට ජනපතිට යෝජනාවක්
Thursday, 02 July 2020 - 8:08 | Views - 492
COVID මර්දනය කර ලෝකය විවෘත වන තෙක් නොසිට කලාකරුවා දේශීය ආර්ථිකයට බද්ධ කොට රැකගැනීමට සහාය වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශකර තිබෙනවා.

කලාකරුවන් මුහුණු පා සිටින ගැටළු පිළිබඳව ඊයේ (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වෙන්නේ.

මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ බොහෝ අවස්ථාවල කලාකරුවන් එසේ සම්බන්ධ කරගැනීම සිදුවූ බවත් එමඟින් සෑම මට්ටමකම කලාකරුවාට සිය නිර්මාණ දායකත්වය දීමට හැකි වූ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

ගතවූ කාලයේදී සහ COVID වසංගතය නිසා මඟහැරුණු අවස්ථා යළි ඇතිකිරීමට පසුබිම සකසන බවයි ජනපතිවරයා ප්‍රකාශ කළේ.
 
මේ අතර 9 ශ්‍රේණියේදී නතර කෙරෙන සෞන්දර්ය විෂය අධ්‍යයනය අ.පො.ස. (සා.පෙළ) දක්වා දරුවාට ඉගැන්වීමේ අවශ්‍යතාව මෙහිදී මහාචාර්ය මුදියන්සේ දිසානායක මහතා පෙන්වා දී තිබෙනවා.

එම යෝජනාව “ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්” වෙනුවෙන් වූ කාර්ය සාධක බලකා වෙත ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කලාකරුවාට සහන පොළී අනුපාතයකට ණය මුදලක් ලබාදීමට රජය ගත් පියවර ප්‍රශංසාවට ලක් වූ අතර රාජ්‍ය බැංකු මඟින් එය නිසියාකාරව ක්‍රියාත්මක නොකිරීම කණගාටුදායක බවද මෙහිදී පෙන්වා දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු, අමාත්‍යංශ ලේකම්වරු සහ නිලධාරීහූ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු, රංගන ශිල්පීහූ, ගායක ගායිකාවෝ, ගීත රචකයෝ ඇතුළු කලා ක්ෂේත්‍රයේ විවිධ පාර්ශ්ව නියෝජනය කරමින් කලාකරුවෝ රැසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top