රෝහලක සිදු වූ අභිරහස් මරණය - ඥාතීන්ට ඇති වූ සැකය
Wednesday, 01 July 2020 - 15:37 | Views - 584

රෝගී තත්ත්වයක් හේතුවෙන් තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කෙරුණු රෝගියෙකුගේ මෘත ශරීරය එහි ඉදි කෙරමින් පැවති ගොඩනැගිල්ලක් තුළ තිබී සොයාගෙන තිබෙනවා.
රෝහල් බලධාරීන් පවසන්නේ අදාළ පුද්ගලයා රෝහලින් පළා යාමට උත්සාහ කිරීමේදී මෙම මරණය සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් අදාළ මරණය සැක සහිත බවට රෝගියාගේ ඥාතීන් පවසනවා.
අනුරාධපුර කටියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කටියාව රෝහලට ඇතුළත් කරන්නේ පසුගිය සඳුදා දිනයේදීයි.
තත්ත්වය අසාධ්‍ය හේතුවෙන් එදින පස්වරුවේ ඔහු තඹුත්තේගම මූලික රෝහලට මාරු කර යැවීමට බලධාරීන් පියවර ගෙන තිබුණා.
එම රෝගී පුද්ගලයා වාට්ටුවේ වැසිකිළියේ ජනේලයකින් පැන ගොස් ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් මතින් යාමට උත්සාහ කිරීමේදී රෝහලේ ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ඔහු සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කර තිබෙනවා.
නමුත් ඔවුන්ගෙන් මිදී රෝගියා පළා යාමට උත්සාහ කර තිබෙන්නේ එම ස්ථානයේ තිබූ වීදුරුවලින් ආරක්ෂක නිලධාරීන්ට පහර දෙමින්.
එහිදී තුවාල ලැබූ එක් ආරක්ෂක නිලධාරියෙකු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර ඊයේ උදැසන රෝගියාගේ සිරුර ඉදි කෙරෙමින් පැවති ගොඩනැගිල්ලේ තිබී සොයාගෙන තිබෙනවා.
තඹුත්තේගම මූලික රෝහල වයස අවුරුදු 54ක් වන රෝගී පුද්ගලයා තිදරු පියෙකු වන අතර ඔහුගේ ඥාතීන් පවසන්නේ අදාළ මරණය සැක සහිත බවයි.
Share This Article