දිනෙන් දින තාක්ෂණයේ දියුණුවත් සමග දේශීය හස්ත කර්මාන්ත කලාකරුවාගේ නිර්මාණ සදහා ඇති ඉල්ලුම විශාල ලෙස පහත වැටී තිබෙනවා.
මේ කියන්න යන්නෙත් ඒ් වගේ ගිලිහි ගිය කලාවක් ගැනයි.ඒ තමයි ඉවතලන පොල්කටු වලින් කරනු ලබන නිර්මාණ කලාව.
වර්තමානයත් සමග අභාවයට යන මෙම පොල් කටු නිර්මාණ කලාව ගිලිහි යන්නට නොදී රැකගන්නට වෙර දරන සොදුරු මිනිසෙක් අපට හමුවිය.
අපට මොහුව හමුවන්නේ ගාල්ල,වදුරඹ,රජගෙදර වත්ත සුන්දර ගම් පලාතෙන්ය.නමින් අනුෂ ඩල්ජිත් ධර්මප්රිය වන මොහු වෘත්තියෙන් පෙදරේරු ශිල්පියෙක් වුවත් ඔහුගේ විනෝදාංශය වී තිබුනේ ඉවතලන පොල්කටු එකතු කර එයින් නව නිර්මාණ කිරිමට ඉතා දක්ෂයෙකි.
මොහුගේ පොල් කටු නිර්මාණ අතර පොල් කටු පහන,පොල් කටු තේ කෝප්ප,පොල් කටු දැහැත් තට්ටුව,පොල් කටු මල් පෝච්චි,පොල් කටු
කරත්තය හා පොල් කටු බුදුගෙය විශේෂ නිර්මාණවේ.
පොල් කටු නිර්මාණකරනයේ දක්ෂයෙකු වු අනුෂගේ මෙම නිර්මාණයන් ජාතික ශිල්ප සභාවේ හස්ත කර්මාන්ත ප්රදර්ශනයට ඉදිරිපත් කර
ජයග්රහන ලබා තිබෙනවා.
දේශිය කලානිර්මාණ අභාවයට යන මෙවන් යුගයක දේශීය කලාව රැකගන්නට වෙහෙස වන මෙවන් මිනිසුන් අප අගය කල යුතුය.




