තම දෙමව්පියන් අතින් කෲර ලෙස අපයෝජනයට ලක් වී, දින 44ක් මරණය හා සටන් කළ පුංචි දරුවා
මේ මොහොතේ එක්සත් රාජධානියේ සිටින “ධෛර්ය සම්පන්න පිරිමි ළමයා” ලෙස පිළිගැනීමට ලක්ව ඇත්තේ පස් හැවිරිදි ටෝනි හඩ්ගල් ය.
සත්‍යවශයෙන්ම ඔහුගේ කතාව අතිශය දුක්බරය.
සිය දෙමවුපියන් විසින් කෲර ලෙස අපයෝඡනය කළ දරුවාව රෝහල් ගතකරන විට බහුවිධ අස්ථි බිඳීම්, , බහු අවයව අසමත්වීම, විෂ-කම්පනය සහ සෙප්සිස් වැනි රෝග වල ගොදුරක්ව මානසික අවපීඩනයට ලක්වී සිටියේය.
තවද ඔහුගේ වම් උකුල විස්ථාපනය වී තිබූ අතර දකුනු කන සමිපුර්ණයෙන් බිහිරිව තිබිණි. පුරා දින 44 ක් හේ මරණය සමග පොර බැදීය එය අවසන් වුයේ, 2017 දී ටෝනි හඩිගල් නැමති දරුවගේ දෙපා කපා දැමීම රෝහල විසින් සිදුකල පසුය.
එවිට ඔහුට වයස යන්තන් අවුරුදු දෙකකි. දරුවාගේ ශළ්‍ය කර්මය කරනලද්දේ Evelina London රෝහලයි. එකී රෝහල මේ දරුවා වෙනුවෙන් සහ දරුවාගේ ඇවිදීම වෙනුවෙන් දීර්ඝ කාලයක් වෙහෙසවිය.
පුරා අවුරුදු දෙකක්ම රෝහල ළේ ශළ්‍ය කර්මයෙන් ඉවත්කරන ලද දෙපා වල තුවාල සනීපවූ පසු කකුල්වල අඩකින් ඔහුට ඇවිදීමට පුරුදු පුහුනු කිරීමයි. මේ වසරේ මුල් භාගයේදී ටෝනිව දරුකමට හදාගත් මව වු පෝලා හඩ්ගල් පවසා තිබුනේ තමාට පෙබරවාරි මාසයේදී ටෝනි සදහා කෘතිම පාද ලැබුණු බවයි..
එතැන් පටන් පුංචි ටෝනි වැටි වැටී පියවර දෙකතුනක් කෘතිම පාදවලින් ඇවිද ගියේය. ඒ සදහා පුහුණු වීම් කළේ ය. රෝහලේත් නිවසේදීත්.
පසුගිය දිනක ඔහු රූපවාහිනී වැඩ සටහනක ඇවිදීමට තියා හිටගැනීමටවත් නොහැකි අවුරුදු 99 ක මිනිසෙක් ඉතා අසීරුවෙන් සිය අත්වාරුව රහිතව පිටිටනියක ඇවිදිමින් සිටි අයුරු දුටුවේය.
ඒ වයසක මිනිහා කැප්ටන් ටොමිය. ඔහු බ්‍රිතාන්‍ය සෞඛ්‍ය සේවයට ඩොලර් මිලියනයක් සොයා දීම අරමුනු කරගනිමින් යමිකිසි ඉලක්කයක් කරා අසීරුවෙන් ඇවිදිමින් සිටියේය. ඔහු සිය ඉලක්කය ඡයග්රාහීව නිමාකරනවා අපේ සිඟිත්තා දුටුවේ ය.
කෙසේ වෙතත් මේ වන විට, ඛේදජනක අතීතය නොතකා, හඩ්ගල් ‘ජීවිතයට ආදරය කරන’ විශ්වාසවන්ත පිරිමි ළමයෙකු ලෙස සිටියේය. ඔහුත් කැප්ටන් ටොමි මෙන් එක දිගට කිලෝ මීටර් 10 ක් සිය අත්වාරුවෙන් සහ කෘත්‍රීම දෙපාවලින් ඇවිද පෙන්වන්නෙමි යැයි, මේ ප්‍රීතිමත් සහ විශ්වාසවන්ත කුඩා පිරිමි දරුවා, සිය ඡීවිතය බේරා දුන් එවිලිනා ලන්ඩන් රෝහලට ශපත කලේය.
එසේ ඇවිද පෙන්නුවොත් කැප්ටන් ටොමිට මෙන්ම ඔහුටත් මුදල් දෙන්නයැයි දරුවා අන්තර් ඡාලය හරහා බ්‍රිතාන්‍ය ඡනතාවට ආයාචනය කළේය.
ප්‍රථම ප්‍රීතිමත් පණිවඩය ලැබුනේ බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් ආදිපාදවරයා සහ ආදිපාදවරියගෙනි. කෙන්සිංටන් මාලිගය සිය සමාඡ මාධ්‍ය ගිනුමේ සටහනක් තබමින් මේ ධෛර්යවන්ත දරුවාට සුබ පැතීය. දරුවා සුවපත් කළ රෝහලට අරමුදල් සපයන්නේ කෙසින්ටන් මාළිඟාවයි.
අනතුරුව පටන් ගත්තේ අරමුදලට පවුම් ගලා ඒමයි. පසුගිය ඡුනි 22 වන විටද මේ ප්‍රීතිමත් දරුවා ඇවිදිමින් සිටියේය. එවිට අරමුදල ඩොලර් මිලියනය ඉක්මවා ඇති බව සටහන් කළේය. ඡුනි 23 ඔහු සිය කිලෝමීටර් 10 ඇවිද අවසන් කළේය.
එවිට අරමුදල ඩොලර් මිලියන 1.85 ක්විය. සිගිත්තා ඒ සියලු ඩොලර් තමාගේ ඡිවිතය බෙරා දුන් රෝහලට පරිත්‍යාග කළේ ය.
පසුව Evelina London රෝහලේ අධ්‍යක්ෂිකා මේරියන් රිඩ්ලි ඡන මාධය වෙත මෙසේ පවසා තිබිණි.
"ලොව පුරා සිටින බොහෝ දෙනෙකුගේ හදවත් ස්පර්ශ කර ඇති මේ පිරිමි දරුවා ජීවිත සහතික කරන ආශ්වාදයකි..."
කපිතාන් ටොමි දරුවා වෙනුවෙන් වීඩියෝවක පෙනී සිටිමින් "හොදට කළා දරුවෝ" යැයි පවසා තිබිනි.
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම උපාලි ජයසිංහ (Upali Jayasinghe Facebook)
