රාජ්‍ය සේවකයින්ගේ කපා දැමූ දීමනා යළි ලබා දෙන බව සමගි ජනබලවේගය කියයි
Wednesday, 01 July 2020 - 13:39 | Views - 528
සිය රජයක් යටතේ රාජ්‍ය සේවකයන්ගේ කපා හරින ලද දීමනා යළි ලබාදෙන බව සමගි ජනබලවේගයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මේ අතර, MCC ගිවිසුම කිසිලෙසකින්වත් රජය අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Share This Article