ඡන්ද පත්‍රිකා අනිද්දා කොමිසමට
Wednesday, 01 July 2020 - 10:13 | Views - 367
මහමැතිවරණයට අදාළව මුද්‍රණය කළ ඡන්ද පත්‍රිකා සියල්ල අනිද්දා දිනයේදී මැතිවරණ කොමිසම වෙත භාර දී අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.
ඇය කියා සිටියේ මේ වන විට දිස්ත්‍රික්ක 18ක ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසම වෙත භාර දී ඇති අතර, කොළඹ, කළුතර, ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඡන්ද පත්‍රිකා මුද්‍රණ කටයුතු තවදුරටත් සිදුකෙරෙන බවයි.
එමෙන්ම, දේශපාලන පක්ෂ සහ අපේක්ෂක ප්‍රවර්ධනය සඳහා චිත්‍රපට දර්ශන යොදා ගැනීම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසම, ජාතික චිත්‍රපට සංස්ථාව වෙත දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, චිත්‍රපට ශාලාවල දර්ශන වාර ආරම්භයේදී හා ඒ අතරතුර දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් ප්‍රවර්ධනය වන ආකාරයේ දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසටයි උපදෙස් ලබාදී ඇත්තේ.
එමෙන්ම චිත්‍රපට ශාලාවල මෙවැනි කටයුතු සිදුවේදැයි විමර්ශන කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී තිබෙනවා.
Share This Article