බැඳුම්කර හොරකමට සම්බන්ධ එ.ජා.ප. ප්රබලයින් දෙදෙනෙක් ෆොන්සේකා හෙළිකරයි
Wednesday, 01 July 2020 - 9:33 | Views - 1,291
හොරු අල්ලනවා කියලා ඇවිත් අපේ මිනිස්සු මාස දෙකෙන් හොරකම් කළ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ (30) පැවති ජන හමුවකට එක්වෙමින්.
එ.ජා.ප.යේ නායක රනිල් වික්රමසිංහ හා උප නායක රවී කරුණානායක බැඳුම්කර හොරකමට ඍජුවම සම්බන්ධ බව සමගි ජන බලවේගයේ අපේක්ෂක සරත් ෆොන්සේකා එහිදී පැවසුවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්රන් එ.ජා.ප. නායක රනිල් වික්රමසිංහගේ ඉතාම කිට්ටු සමීපතයෙක් බවයි.
Share This Article