ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ඉදිරි සතියේ චීනයට
Tuesday, 30 June 2020 - 11:42 | Views - 474
කොවිඩ් නයින්ටීන් ගෝලීය වසංගතයේ මූලාරම්භය පිළිබද විමර්ශනය කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් ඉදිරි සතියේ චීනය බලා යන බව එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් ඇඩනම් ගෙබ්‍රියේසස් ප්‍රකාශ කළා.
ජිනිවා නුවර ඊයේ පැවති අතත්‍ය මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ වෛරසයේ ආරම්භය ඇතුළු ඒ පිළිබද සියළු තොරතුරු දැන ගැනීමෙන් ඊට එරෙහිව හොදින් සටන් කිරීමට හැකියාවක් ඇති වන බවයි.
කොවිඩ් 19 වෛරසය වූහාන් නගරයේ පර්යේෂණාගාරයකින් නික්මී ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ කිහිප විටක්ම ප්‍රකාශ කර තිබුණා.
කෙසේ නමුත්, චීනය එය ප්‍රතික්ෂේප කරන අතර වෛද්‍ය විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ වෛරසයේ ස්වභාවය අනුව එය එලෙස නිර්මාණය කරන ලද්දක් නොවන බවයි.
Share This Article