මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අගෝස්තු 6 පෙරවරු 8ට ඇරඹේ
Tuesday, 30 June 2020 - 11:11 | Views - 473
අගෝස්තු 5 වන දා පැවැත්වෙන මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 6 වන දා උදෑසන 8ට ආරම්භ වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඒ, මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ මහමැතිවරණය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ හමුවකට අද පෙරවරුවේ එක්වෙමින්.
මෙවර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම, ඡන්ද ප්‍රකාශ කිරීමේ දිනයට පසු දින පැවැත්වෙන බව මීට පෙර තීරණය කර තිබුණා.
එමෙන්ම, අගෝස්තු 6 වන දා රාත්‍රී 10 වන විට සමස්ත ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වනු ඇති බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.
Share This Article