අවුරුදු දෙකහමාරේ සිඟිති දැරිය අපයෝජනය කළ පාපතර ඥාතීයාගේ සුළමුළ හෙළි වෙයි
Tuesday, 30 June 2020 - 9:52 | Views - 994
අවුරුදු දෙකහමාරක දැරිවියක ලිංගික අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකාර ඥාතියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තලංගම ප්රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
එම දැරියගේ දෙමාපියන් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව සැකකරු පෙරේදා (27) වනදා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියා සිටියේ.
මේ වනවිට අපයෝජනයට ලක් වූ බව කියන දියණිය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
සැකකරු නිතර නිතර අදාළ දැරිවිය සිට නිවස වෙත පැමිණෙන බවයි පොලිසිය විසින් සිදු කරන ලද මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත්තේ.
සැකකරු කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුරට විමර්ශන ක්රියාත්මකයි.
Share This Article