එක්සත් ජාතීන්ගේ නිල රථයක් තුළ දෙදෙනෙක් ලිංගිකව එක්වූ වීඩියෝව පත්තු වෙයි
Tuesday, 30 June 2020 - 8:57 | Views - 9,177
ක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල රථයක් තුළ දෙදෙනෙකු අසභ්‍ය ලෙස ලිංගිකව හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

සාමසාධක හමුදාවට අයත් ඊශ්‍රායලයේ ටෙල් අවීව් හි රාජකාරියේ නිරතව සිටින එම සංවිධානයේ සේවකයෙකු සහ සේවිකාවක් මෙලෙස එම රථය තුළදී ලිංගිකව හැසිරී ඇති බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් අදාළ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමඟ එම සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ තමන් එම වීඩියෝව දැකීමෙන් පුදුමයටත් කම්පාවටත් පත්ව සිටින බවයි.

මේ අතර අදාල වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් ගේ මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිටත් කඩිනම් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

ඒ අනුව අදාළ සේවිකාවගේ සහ සේවකයාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා මූලික විමර්ශන ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මේ අතර විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තාකර ඇත්තේ 2019 වසරේදී පමණක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සේවකයන් සම්බන්ධයෙන් අපයෝජන සිද්ධීන් 175ක් වාර්තාවී ඇති අතර ඉන් 16ක් තහවුරු වී ඇති බවයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top