විවාහ වීමට පෙර ඡායාරූප ගන්න ගිහින්, පෙම්වතාට මරු කැඳවූ සේර ඇල්ලේ ඛේදවාචකය - Video
Tuesday, 30 June 2020 - 8:52 | Views - 4,289

විවාහය කියන්නේ ජීවිතය තවත් ඉදිරියට ගෙන යන සුන්දර පියවරක්.
ඒ ගමන යන්නටත් මත්තෙන් සිය නොසැලකිල්ල නිසා ජීවිතයෙන් සමුගන්නට වුවහොත් එය කෙතරම් අවාසනාවන්ත වෙයිද?
ලග්ගල සේරඇල්ල ප්රදේශයේදී සිදුවූ එවැනි සිදුවීමක් පිළිබඳවයි මේ.
ලබන ජූලි මස විවාහවීමට නියමිත වයස අවුරුදු 27 සහ 20 වයසේ පසුවන ශිරන්ත සංජය හා දිල්මි මධුෂිකා පෙරේදා පස්වරු 4 ට පමණ සිය දෙමව්පියන් ද සමග කුරුණෑගල සිට ලග්ගල ,සේර ඇල්ලට පැමිණ තිබුණේ විවාහ උත්සවයට පෙර ඡායාරූප ගත කිරීමේ කටයුතු සඳහායි.
නමුත් ඡායාරූප ගන්නා අවස්ථාවේදී පය ලිස්සා තරුණයා සහ තරුණිය ඊට ඇද වැටී තිබෙනවා.
එහිදී එම ස්ථානයේ සිටි අයෙකු විසින් තරුණිය බේරා ගැනීමට කටයුතු කළත් තරුණයා ඉතා ගැඹුරු සේර ඇල්ලේ සැගව ගියා.
අතුරුදන් වූ තරුණයා ඊයේ පස්වරුවේ සොයාගැණුනේ නාවික හමුදාවේ කිමිදුම් නිලධාරීන්ගේ සහය ඇතිවයි.
මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ ශිරන්ත සංජය කුරුණෑගල පන්සියගම ප්රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු වෘත්තියෙන් වඩුකාර්මිකයෙක්.
මෙම ස්ථානය අවදානම් සහිත ස්ථානයක් බවට පුවරුද ප්රදර්ශනය කර තිබෙන පසුබිමක එම අවදානම නොතැකීම හේතුවෙන් අද වටිනා ජීවිතයක් අහිමි වී තිබෙනවා.
Share This Article